<කොරියානු පුර පසළොස්වක පොහොය දින සමඟ නිරෝධායන නියමයන්>
➊(මූලික නීති) කිසිදු රැස්වීමකට හෝ උත්සව අවස්ථාවන්ට සහභාගී නොවීම නිර්දේශ කෙරේ (උදා: මිතුරන් හමුවීම)
➋(අනිවාර්යයෙන්ම ඔබට ගමනාගමනය කිරීමට සිදු වූ විට) COVID19 ආසාදනය අවම කිරීම සඳහා ඔබ කිනම් ස්ථානයකට ගියද, අදාල නිරෝධායන නීති අනුගමනය කරන්න.
▸ඔබට උණ හෝ ශ්වසන රෝග ලක්ෂණ ඇති වුවහොත් රැඳී සිටින්න * අධික උණ (38℃ ට වැඩි) අඛණ්ඩව පැවතීම ආදී ලෙස රෝග ලක්ෂණ නරක අතට හැරේ නම් සෞඛ්‍ය මධ්‍යස්ථානය අමතන්න (1339, දේශීය අංකය + 120) ▸අධිවේගී මාර්ග විවේක ස්ථානයන්හි වැඩි කාලයක් රැඳී නොසිටින්න ▸අධිවේගී මාර්ග විවේක ස්ථානයන්හිදී ඇතුළත හා පිටත මුහුණු ආවරණ පැළඳිය යුතුය ▸ අධිවේගී මාර්ග විවේක ස්ථානයන්හිදී ඔබගේ දුර ප්‍රමාණය මීටර 2 කට වඩා (අවම වශයෙන් මීටර 1) තබා ගන්න
➊ දුම්රිය / බස් නැවතුම්පොළ හිදී ▸හැකිතාක් දුරට අන්තර්ජාල හා ආරක්ෂිත සේවාවක් හරහා ප්‍රවේශ පත්‍රයක් වෙන්කරවා ගන්න (උදා: ජංගම පිරික්සුම, ආදී....) ▸සෑම අවස්ථාවකදීම දුම්රිය ස්ථානය තුළ මුහුණු ආවරණ පළඳින්න ▸ අවම ලෙස කථා කරන්න ▸නියම කළ ප්‍රදේශයන්හි පමණක් ආහාර අනුභව කරන්න ▸දුම් පානය සඳහා හෝ විවේක කාමර භාවිතා කිරීමට යාමේදී ඔබගේ දුර ප්‍රමාණය මීටර් 2 කට වඩා (අවම වශයෙන් මීටර 1) තබා ගන්න ➋ බස් රථයක් තුළ/ දුම්රියක් තුළ ▸ සෑම විටම මුඛ ආවරණයක් පළදින්න ▸ ආහාර අනුභව නොකරන්න ▸ජංගම දුරකථනයෙන් වැඩි වේලාවක් ඇමතුමෙහි යෙදී නොසිටින්න. අවශ්‍ය නම් පමණක් මුඛ ආවරණයක් පැළද හඩ පහත්ව කථා කරන්න.
➊ කළ යුතු දෑ
▸ ඔබේ මිතුරාගේ නිවස්නයේ වැඩි වේලාවක් රැදී නොසිටින්න ▸මුඛ ආවරණයක් පැළදීම සහ අත් සේදීම වැනි පුද්ගලයන් විසින් පිළිපැදිය යුතු නිරෝධායන නීති අනුගමනය කරන්න ▸ ආහාර බෙදා ගැනීමේදී, ආහාර බෙදන හැන්දක් සහ චොප්ස්ටික් භාවිතා කරන්න ▸ අතට අත දීම හෝ වැළද ගැනීම වෙනුවට හිසෙන් චලනය කිරීම මගින් ප්‍රතිචාර දක්වන්න ▸ දිනකට අවම වශයෙන් දෙවතාවක් වාතාශ්‍රය ලබා දෙන්න ▸දිනකට එක් වරක් මිනිසුන් වැඩිපුර ස්පර්ශ කරන ස්ථාන පිරිසුදු කර විෂබීජහරණය කරන්න (උදා : දුරස්ථ පාලකය, දොර හැඩලය සහ නාන කාමරය ආදිය )
➋ නොකළ යුතු දෑ ▸ඔබට උණ හෝ ශ්වසන රෝග ලක්ෂණ ඇති බව දැනේ නම් ඔබේ මිතුරාගේ නිවසට නොයන්න ▸මුද්‍රා තැබූ.ජනාකීර්ණ.සංවෘත ප්‍රදේශයකට නොයන්න (උදා : විනෝදාස්වාද පහසුකම් සහිත ස්ථාන, කැරෝකි ආදිය) ▸මුඛයෙන් පිටවන කෙළ බිදිති විසිරවීමෙන් වළකින්න (කෑ ගැසීම, ශබ්ද නගා ගායනා කිරීම ආදී)
▸ ඔබට උණ හෝ ශ්වසන රෝග ඇති බව දැනේ නම් නිරීක්ෂණය කරන්න |